සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ පැවති දෙවන විස්සයි විස්ස තරගය කඩුළු 2කින් ජය ගැනීමට ඉන්දියාව ඊයේ (25) සමත් වුණා.

තරගයේ කාසිය වාසිය දිනූ ඉන්දීය කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 165ක් ලබා ගත්තා.

ලකුණු 166ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 19යි පන්දු පන්දු 2කදී කඩුළු 8ක් පමණක් දැවී අදාල ඉලක්කය සපුරා ගත්තා.

බිඳ වැටුණු ඉන්දීය ඉනිම ජයග්‍රහණය කරා රැගෙන යමින් සුපිරි ඉනිමක් දියත් කළ තිලක් වර්මා පන්දු 55කදී නොදැවී ලකුණු 72ක් ලබා ගත්තා.

ඒ අනුව තරග 5කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග 2-0ක් ලෙස ඉන්දියාව පෙරමුණේ පසුවෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here