කතරගම මැණික් ගඟට යාබදව ඇති රජයේ රක්ෂිතයට අයත් ඉඩම් කොටසක නීති විරෝධී ලෙස ඉදිකර ඇති කාමර 12ක බංගලාවක් බඳු ගොඩනැඟිල්ලකට ජී. රාජපක්ෂ නමින් ලැබෙන විදුලි බිල සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බවත් එම ගොඩනැඟිල්ලට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පවසා තිබුණි. ජී. රාජපක්ෂ කවුදැයි තමන් නොදන්නා බව ගෝඨාභය රාජපක්ෂ කියද්දී, ඊට පෙර මෙම සිදුවීමට අදාලව සීඅයිඩීයට කැඳවූ යෝෂිත රාජපක්ෂ කියා තිබුණේ තමන් මෙවන් නිවසක් ගැන නොදන්නා බවයි. එමෙන්ම ඔහුගේ කටඋත්තරය තුළ ඔහු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂවත් වැඩිපුර දැන නොසිටි බවත් ඔහුගේ බාප්පා වන ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකාවේ සිට ලංකාවට පැමිණි පසු දැන හඳුනාගත් බවත් කියා තිබුණි.
කෙසේ වෙතත් මෙම නිවසට ලොකු ඉතිහාස කතාවක් ඇත. ජනතා විමුක්ති පෙරමුණත් අනුබද්ධ වූ කතාවක් ඇත. සරලවම කීවොත්, මෙම නිවස එම පක්ෂයේ පුවත්පත සීල් තබන්නට හේතු වූ, එම පුවත්පතේ කර්තෘවරයාව රිමාන්ඩ් කරන්නට හේතු වූ කතාවකි. මේ සිදුවීම් සිදුවන්නේත්, මේ සටහන පළවන්නේත් උක්ත සිදුවීම් පෙළ සිදුවී හරියටම වසර 15කට පසුය. මේ නිවස ගැන මුල්ම හෙළිදරව්ව සිදු කළේ වසර 15කට පෙර එනම් 2010 ජනවාරි 26 වැනිදාය.
ජී රාජපක්ෂද?
ඇත්ත වශයෙන්ම මෙම සිදුවීමට අදාළ මුල්ම වාර්තාවල ඇත්තේ ජී. රාජපක්ෂ නමට ලැබුණු බිල්පත්ය. එම නිසා පසුගිය දින කිහිපයේ මාධ්‍ය වාර්තාවල පළ වුණේ අදාළ නිවෙසට ජී. රාජපක්ෂ යන නමට බිල්පත් ලැබී ඇති බවය. ඒ නිසාම, මෙම නිවස ගෝඨාභය රාජපක්ෂගේද, නැද්ද යන්න පැහැදිලිව දැනගත නොහැකි බව හැඟුණි. එහෙත්, පසුකාලීනව එනම් 2015 දී ගෝඨාභය නන්දසේන රාජපක්ෂ යන නමට බිල්පත් ලබා දී තිබුණි. 2015 අප්‍රේල් 22 වැනිදා ලංකා විදුලිබල මණ්ඩලය නිකුත් කළ බිල්පතේ ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ, වනරජ පෙදෙස, ඩිපෝ පාර, කතරගම යන ලිපිනය සහ නම වේ. මෙම නිවසේ මාපක අංකය වන්නේ 0701014906 වේ. අප මෙහි උපුටා සඳහන් කළ බිල්පතේ අයපත් අංකය 201508 වේ. රුපියල් 10423ක බිලක් ඒ මාසයේ ලැබී තිබුණි. ඒ අනුව, මෙහි බිල්පත්වල සඳහන්ව ඇති නම ඔප්පු කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අසීරු කාරණයක් නොවේ. කෙසේ වෙතත්, තමන් ඒ නිවස ගැන නොදන්නා බව ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රකාශ කිරීමේ අයිතියක් ඇත. මෙම නිවසට අදාළ අධිකරණ කටයුතු සිදු කෙරෙන්නේ නම්, මෙම නිවස තමන්ගේ නොවන බව කියමින් තමන්ගේ පැත්තෙන් කරුණු දැක්වීමේ අයිතිය ඔහුට ඇත.

ඒ අනුව මෙම නිවසේ ඉතිහාසය ස්වාධීන විමර්ශනයකින් සොයායෑමට සිදු වේ. එයට අදාළ අපරාධමය විමර්ශන ඉදිරියට ගෙන යෑමට නම් මාර්ග සංවර්ධන අධිකාරිය, මග නැගුම, නාගරික සංවර්ධන අධිකාරිය සහ රක්ෂිත ඉඩමට අදාළව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යනාදී ආයතනවල ඉතිහාසය පිරික්සිය යුතුය. ඊට අමතරව ජල සහ විදුලි බිල්පත් විමර්ශනයට අදාළ වන නිසා විදුලිබල මණ්ඩලය සහ ජල සම්පාදක මණ්ඩලය ද විමර්ශනයට අදාළ වේ. එහෙත්, ඒ ආයතන සියල්ලට අමතරව ශ්‍රී ලංකා යුද හමුදාවත් විමර්ශනයට ලක් කිරීමට සිදුවනු ඇත.
මන්ද යත් මෙම ඉදිකිරීම හමුදාව යොදාගනිමින් සිදු කළ බවට චෝදනා ඇති නිසාය. එයිනුදු, රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ගේ පුද්ගලික ආරක්ෂකයන් ලෙස අනියුක්ත කොට සිටි සිය ගණන් වූ හමුදා සෙබළුන් මෙවැනි දේපළ ආරක්ෂා කළ බවට ද චෝදනා පවතී. ඇත්තෙන්ම මෙම විමර්ශනය මතු වන්නේ, හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව ඇතුළු පහසුකම් ඉවත් කරන්නේයැයි ආණ්ඩුවට එරෙහිව චෝදනා එල්ලවෙමින් පවතින පසුබිමකය.
රාජපක්ෂලා ඌවට
කතරගම මේ බංගලාව ඉදිවෙන කාලයට සමාන්තරව කතරගම තවත් යමක් සිදුවෙමින් පැවතුණි. ඒ, චමල් රාජපක්ෂගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂ කතරගම දේවාලයේ බස්නායක නිලමේ තනතුරට පත් වීමය. විහාර දේවාලගම් පනතේ 14 වන වගන්තිය අනුව රජයේ ආඥා තනතුරක් දරන්නෙකුට දේවාලයක නිලමේ තනතුරක් දැරිය නොහැක. එහෙත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විධායක ජනාධිපති තනතුරේ බලය අවභාවිත කරමින් අයියාගේ පුතාට කතරගම දේවාලයේ බස්නායක නිලමේ වන්නට පසුබිම සැකසීය. ඒ ගැසට් නිවේදනයක් මගින්, රුහුණු කතරගම මහ දේවාලය විහාර දේවාලගම් පනතේ උක්ත වගන්තියෙන් නිදහස් කරන බවට ආඥාවක් නිකුත් කරමිනි.
රාජපක්ෂ පවුල හම්බන්තොට දිස්ත්‍රික්කයේ බලය හිමි පවුලක් වූ අතර, කතරගම දේවාලයේ බස්නායක නිලමේකම මෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයෙන් ශෂීන්ද්‍ර රාජපක්ෂව මහ ඇමඅති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම තුළින් තමන්ගේ අසල්වැසි ඌව පළාත තුළ දේශපාලන බලයත් අත්පත් කරගැනීමේ පියවර දක්නට ලැබුණි. මෙම නිවෙස එහි දිගුවක් බවට මත පළ විය.
පිරිසිදුකකම පරීක්ෂාවට
2009 ජනවාරියේ මිග් යානා ගනුදෙනුව නම් වූ කුප්‍රකට මූල්‍ය වංචාව පිළිබඳ වාර්තා කළ මාධ්‍යවේදියා ඝාතනය වුණේ නම්, 2010 ජනවාරියේ නිවෙසක් ගැන ලියූ පුවත්පත සීල් තබා කර්තෘ අත්අඩංගුවට ගත්තේ නම් මේවා ගැන ලියන්නට නිර්භීත වන්නේ කවුද? ඉතින්, 2019 වෙද්දීත් මෙම සිදුවීම්වලින් චෝදනා ලද ගෝඨාභය රාජපක්ෂ මහතා දූෂණයෙන් තොර පිරිසිදු නායකයෙකු ලෙස ප්‍රකටව රටේ දූෂණය නැති කරන ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම පුදුමයක්ද? එකල ජනමාධ්‍ය තුළින් හෝ අන් කිසිදු මාර්ගයකින් ඔවුන්ව පරීක්ෂාවට ලක් කිරීමට ඉඩ ලැබුණේ නැත
අනෙක් අතට, එදා තර්ජනාත්මකව කතා කොට ජනතා විමුක්ති පෙරමුණේ පත්තරය සීල් කළ ගෝඨාභය රාජපක්ෂ අද ලංකා පුවත්පතේ අයිතිකාරයන් වූ දේශපාලන පක්ෂය බලයේ සිටින මොහොතක විමර්ශනවලට මුහුණ දීමට සිදුවන බව අමුතුවෙන් කිව යුතුද? එය බලය සදාකාලික නොමැති බව පෙන්වන සිදුවීමක් නොවේද? බලය නොමැති තැන ඔවුන්ගේ පිරිසිදුකම පරීක්ෂාවට ලක්වෙමින් තිබේ.
කතරගම නිවස තමන්ගේ නොවන බව ගෝඨාභය රාජපක්ෂ කියා ඇත. ඒ ගැන දන්නේ නැති බව යෝෂිත රාජපක්ෂ කියා ඇත. ඒ නිවස නම් ඇත. නිවසට වතුර බිල් රාජපක්ෂ නමට ලැබී ඇත. ඉතින්! අප විමසිය යුත්තේ කතරගම රක්ෂිතයක බංගලාව හැදුවේ මොන රාජපක්ෂද? කියාය.
(තරිඳු උඩුවරගෙදර)