වයස අවුරුදු 19 පහළ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර තරගය එකදු පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට අද (26) සිදු වුණා.
තරගාවලියේ සුපර් සික්ස් වටයේ තරගයක් ලෙස මෙම තරගය පැවැත්වීමට නියමිතව තිබුණත් ක්වාලාලම්පූර් හි බයුමස් ඕවල් ක්‍රීඩාංගණයට පතිත වූ වර්ෂාවත් සමඟයි තරගය මෙලෙස අතහැර දැමීමට විනිසුරුවරුන් කටයුතු කළේ.
සුපර් සික්ස් වටයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සභාගිවන දෙවන තරග ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 19 පහළ කාන්තා කණ්ඩායම සමඟ ලබන 29 වනදා පැවැත් වෙනවා.