වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න විසින් හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් හට ‘අපහාසාත්මක, වැරදි සහ නොමඟයවන සුළු උපහාසාත්මක’ ප්‍රකාශ 15 ක් පමණ සිදු කිරීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් ගෙවන ලෙස ඉල්ලා නීතිඥවරුන් විසින් අමාත්‍යවරයාට එන්තරාවාසියක් යොමු කර තිබෙනවා.

එහි සඳහන් කර ඇත්තේ, 2024 ජනවාරි 9 වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවක දී “අන්නාසිගලට ඇත්තටම මොකද වෙන්නේ?” යන මාතෘකාව යටතේ සමන්ත විද්‍යාරත්න විසින් කීර්ති තෙන්නකෝන්ට ‘නම සඳහන් කරමින්, අපහාසාත්මක, උපහාසාත්මක ප්‍රකාශ රැසක් සිදු කරමින්, නීති විරෝධී රාජ්‍ය ඉඩම් කොල්ලකෑම් සහ තවත් දූෂිත ක්‍රියාවන් කිහිපයකට සම්බන්ධ බවට අපහාස කර ඇති බවයි.

කීර්ති තෙන්නකෝන් ගේ යැයි දැක්වෙන හැදුම්පතක් පිළිබඳ විස්තර, රක්ෂිත වනාන්තරයක් බලහත්කාරයෙන් අල්ලා ගැනීම, ජාවාරම්කරුවෙකු බව නැවත නැවත ප්‍රකාශ කිරීම, අනවසර ඉදිකිරීම් සිදු කිරීම, කැලෑ කැපීම, ඉඩම් අල්ලා විකුණා ඇති බව, රජයේ අඹ පැල මුදලට විකිණීම ආදී වශයෙන් චෝදනා හා අසත්‍ය ප්‍රකාශ 15 ක් පුවත්පත් සාකච්ඡාවේ දී ඇමති විද්‍යාරත්න විසින් කීර්ති තෙන්නකෝන් වෙත එල්ල කර ඇති බවට එම ලිපිය මගින් කරුණු දක්වා තිබෙනවා.

එන්තරාවාසියේ තවදුරටත් දැක්වෙන්නේ, කීර්ති තෙන්නකෝන් වෙත එල්ල කළ ‘චෝදනා වැරදි සහ අසත්‍ය බවත්, ඔහු අපකීර්තියට පත් කිරීමේ අරමුණින් සහ රාජ්‍ය ආයතනයක හිටපු නිලධාරියෙකුගේ නොකැළැල්, ගෞරවනීය චරිතය විනාශ කිරීමට, සමච්චලයට ලක් කිරීමට සහ අවමන් කිරීමට චේතනාන්විතව’ අරමුණු කර ඇති බවයි. එහිදී ඔහුට සිදුකළ හානිය රුපියල් මිලියන 100 ක් ලෙස ඇස්තමේන්තු කරන බවත්, එම කතාවේ සහ ලිපියේ එම අපහාසාත්මක අන්තර්ගතයේ කථිකයා/කර්තෘට ගෙවිය යුතු මුදල ගෙවීමට පෞද්ගලිකව බැඳී සිටින බවත් සඳහන් වනවා.

3 COMMENTS

  1. На сайте https://upgamer.ru/ вы получаете возможность приобрести аккаунты мобильных игр. Для этих целей вам предстоит только выбрать ту игру, в которую вы хотите сыграть прямо сейчас. Здесь их несколько десятков. Компания работает в данной сфере более 3 лет. Все товары представлены от настоящих продавцов. Предоставляются гарантии того, что аккаунты обязательно будут работать. Для покупателей имеются онлайн-чаты. На этом портале воспользуйтесь возможностью приобрести либо реализовать аккаунт по привлекательной цене.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here