වසරේ නැගී එන ක්‍රීඩකයාට හිමි ICC සම්මානය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් විසින් දිනාගෙන තිබෙනවා.
ඒ අනුව 2024 වසරේදී කමිඳු මෙන්ඩිස් දැක්වූ දක්ෂතාවයන් හේතුවෙන් ඔහු මෙම සම්මානය සඳහා නිර්දේශවී තිබුණා.
ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 1000 සීමාව පසු කිරීමට අවම ඉනිම් ප්‍රමාණයක් වැය කළ ක්‍රීඩකයින් අතර තෙවැනි ස්ථානය (ඉනිම් 13ක දී) ලබමින් ශ්‍රේෂ්ඨ ක්‍රීඩක Don Bradman හා සම තැන් ගැනීමට ද කමිඳු මෙන්ඩිස් පසුගිය වසරේදී සමත්ව තිබුණා.