මීගහකිවුල අග්ගලාඋල්පත ගම්මානයට ඉහළින් පිහිටි ඝණ කැලෑවක ඇති නීතිවිරෝධී කසිප්පු තිත්පලක් වැටලීම සඳහා අද (26) දහවල් එහි ගිය පොලිස් නිලධාරියෙකු සතෙකුට අටවන ලද තුවක්කුවක් පත්තු වී තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
බරපතළ තුවාල ලැබූ එම පොලිස් නිලධාරියා මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බදුල්ල ශික්ෂණ රෝහලටත් මාරුකර යැවූ බව පොලීසිය පවසනවා.
සිද්ධීයෙන් තුවාල ලබා ඇත්තේ කන්දකැටිය පොලිසියට අනුයුක්තව සේවයේ නියුතු ජානක පුෂ්පකුමාර (36) නැමැති පොලිස් නිලධාරියෙකි.
වෙඩි වැදීමෙන් පොලිස් නිලධාරියාගේ උදර හා කොන්ද ප්‍රදේශයට බරපතල තුවාල සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.
සිද්ධීය සම්බන්ධයෙන් කන්දකැටිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.