රත්මලාන ප්‍රදේශයේ ඉඩමක් මිලදීගැනීමේ සිද්ධියකට අදාලව ඊයේ(25) අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්‍ෂ මහතා වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවක රඳවා සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.
ඔහු එහි රැඳවීමෙන් පසුව කිසිඳු විශේෂ යමක් ඉල්ලා නොමැති බව කී දිසානයක මහතා ඔහු බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන නාමල් රාජපක්‍ෂ සහ ඩී. වී. චානක යන මහත්වරු බන්ධනාගාරයට අද (26) පැමිණි බව ද සඳහන් කළේය.