මේ සියල්ල අනිත්‍ය දේවල් අම්මෙ ඒක හින්ද අපි අනිත් අයට උදව් කරගෙන ඉමු.එතකොට තමයි පිං ලැබෙන්නේ නිවසට එන කිසිවෙකුත් හිස් අතින් යවන්නේ ද නැත.

ගිම්හාන් මෙසේ හැම මොහොතකම තම මවට පවසා ඇත. පියත් ප්‍රදේශයේ නිහතමානී පුද්ගලයකු වන අතර පියාගේ ගොවිතැනට ද මහත් ඇළුම් කල දරුවෙකි වෙකි ඔහු කවදාවත් මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගැනීමට සිදුවන බව සිතන්නට නැතුව ඇත. පොඩි කාලයේ සිටම ආගමට දහමට ලැදිව ජීවත්වූ ගිම්හාල් පැවසූ පරිදිම සියල්ල අනිත්‍ය බව පසක් කරමින් මේ වනවිටත් අවසන් ගමන් ගොස් ඇත. ගිම්හාල්ගේ නිවසේ මිදුල එකම හිස් ගොඩක් බවට පත්වී තිබුණි.

ඔහු නැති පාඩුව හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයට වගේම බටගොඩ ශ්‍රී සාරානන්ද දහම් පාසලට ද බටගොඩ ගමට ලොකු අඩුවක් බව විහාරාධිපති හිමියන් ඇතුළු ගුරුවරු පවසයි. විදුහලේ 10වසරේ පන්තියේ පළමුවෙනියාය.

ඊයේ දින (24) සියලු යාලු මිත්‍රාදීන් , ඥාතීන්, ගම්වාසීන්ගේ සෝ සුසුම් මැද ආගමික වතාවත්වලින් අනතුරුව මල හිරු බසිනා සැන්දෑයාමේ අනූප ගිම්හාල්ගේ දේහය බටගොඩ පොදු සුසාන භූමියේදී මිහිදන් කෙරිණි.

(ගල්පාත චන්දන පෙරේරා)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here