රක්ෂිත බන්ධනාගාරගතකර සිටින යෝෂිත රාජපක්ෂ අද (27) යළිත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණා.

පැය 4ක පමණ කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව කොළඹ අලු‍ත්කඩේ අංක 05 අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු අද දක්වා රිමාන්ඩ් කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබුණා.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here