ඇල්ල ඔඩිසි e ටිකට්පත් වංචාවට සම්බන්ධ තවත් සැකකරුවෙකු මහනුවර දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (26) මහනුවර දුම්රියපොල අසලදී මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුව අත්අඩංගුවට ගත් බවයි සඳහන් වෙන්නේ.

සැකකරු දුම්රිය ප්‍රවේශපත්‍ර වැඩි මිලකට විදේශිකයන්ට අලෙවිකර ඇති අතර ඔහු සතුව තිබී e ටිකට්පත් දෙකක් හා ජංගම දුරකථන දෙකක් ද පොලිස් නිලධාරීන් භාරයට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here