යුද හමුදා ශ්‍රම දායකත්වයෙන් දිවයිනම ආවරණය වන පරිදි වී ගබඩා 84ක් පිරිසිදු කිරීමේ කටයුතු අවසන් කර තිබේ.

දැනට දිවයින පුරා ක්‍රියාත්මක ‘Clean Sri Lanka’ ජාතික වැඩසටහනට සමගාමීව මෙවර මහ කන්නයේ වී අස්වැන්න රජය විසින් මිලදී ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර, එම වී මිලදී ගැනීමෙන් පසු වී අලෙවි මණ්ඩලය සතුව ඇති වී ගබඩා තුළ ගබඩා කිරීමට රජය විසින් සැලසුම් කර ඇත.

එලෙස වී ගබඩා කිරීමට නියමිත වී අලෙවි මණ්ඩලයට අයත්‌ වී ගබඩාවන්‌ හා ඒ අවට භූමිය දීර්ඝ කාලීනව භාවිතා නොකිරීම හේතුවෙන්‌ භාවිතයට සුදුසු අයුරින්‌ පිරිසිදු කිරීමට සහ සුළු අළුත්‌වැඩියාවන්‌ සිදු කිරීමට සිදුව ඇති බැවින්,‌ ජාතික අවශ්‍යතාවය සඳහා ආරක්‍ෂක අංශ වල සහයෝගය ලබාදීම වෙනුවෙන් ආරක්‍ෂක ලේකම්‌වරයාගේ උපදෙස් අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ ජනවාරි මස 18 වැනිදා සිට 27 වැනිදා දක්වා සියලු ආරක්‍ෂක සේනා මූලස්ථානයන් විසින් දීපව්‍යාප්ත වී ගබඩා පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි.

එම වැඩසටහනට සමගාමීව 2025.01.27 වන දින වනවිට යුද්ධ හමුදා ආරක්ෂක සේනා මූලස්ථානයන්හි අධීක්ෂණයෙන් සහ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් වී ගබඩා 84ක් භාවිතයට සුදුසු අයුරින් පිරිසිදු කිරීම් කර යථාතත්වයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ශ්‍රම දායකත්වය ලබා දෙන ලදී.

මෙම වැඩසටහන කිළිනොච්චිය, මන්නාරම, මුලතිව්, අනුරාධපුර, පොලොන්නරුව, මඩකලපුව, මහනුවර, මාතලේ, බදුල්ල, මොණරාගල, කොළඹ, කුරුණෑගල, රත්නපුර, හම්බන්තොට සහ මාතර ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක 15 ක් තුල ක්‍රියාත්මක විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here