සත්කාරක පාකිස්ථාන කණ්ඩායම සමඟ පැවති දෙවන ටෙස්ට් තරගය ලකුණු 120කින් ජය ගැනීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද සමත්වුණා.

තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 163ක් ලබාගත්තා.පාකිස්ථාන පළමු ඉනිමට ලබාගත හැකිවූයේ ලකුණු 154ක් පමණි.

ලකුණු 9ක් ඉදිරියෙන් සිය දෙවන ඉනිම ඇරඹූ කොදෙව් කණ්ඩායම සිය දෙවැනි ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 244ක් ලබා ගත්තා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 254ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තානය සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 133ක් පමණි.

ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1-1ක් ලෙස කණ්ඩායම දෙකම ජයගනිමින් තරගාවලිය සමවුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here