යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඉල්ලීම් 5ක් මුල්කර ගනිමින් විශ්වවිද්‍යාලයේ සියලු පීඨවල ආචාර්යවරුන් දේශන වර්ජනයකට එක්ව සිටින බවයි වාර්තාවන්නේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසන්නේ, සිය ඉල්ලීම් වෙනුවෙන් යහපත් ප්‍රතිචාර ලැබෙන තෙක් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ සිසුන්ගේ විනය විරෝධී ක්‍රියාවන් නවතා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය නිසි මැදිහත්වීමක් සිදුනොකිරීම එම වර්ජනයට ප්‍රධාන හේතුව  වී තිබෙනවා.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here