අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ටිකට්පත් වෙන් කරවා ගැනීමට ඇති පරිගණක පද්ධතිය වෙතින් මිලදී ගන්නා ලද දුම්රිය ටිකට් පත් වැඩි  මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන්  සංචාරක ව්‍යාපාරයේ දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩුගන්නාව ,කඩවත්ගම, උළුගේ තැන්න ප්‍රදේශයේදීයි.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා මොබිටෙල් සමාගම එක්ව පවත්වාගෙනු යනු ලබන අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන් කරවා ගැනීමට ඇති ක්‍රමවේදය ඔස්සේ මෙම වංචාව සිදු කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය මගිනුයි සැකකරු  අත් අඩංගුවට ගෙන ඇත්තේ.

 32 හැවිරිදි මෙම  සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here