ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවල වාතයේ ගුණාත්මක භාවය සැලකිය යුතු ලෙස පිරිහී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි පවසනවා.
එලෙස වාතයේ ගුණාත්මක භාවය අඩුවීමට ඉන්දියාවෙන් දූෂිත ද්‍රව්‍ය රැගෙන එන සුළං රටා හේතු වී ඇති බවයි පැවසෙන්නේ.
මෙම තත්ත්වය හෙට පස්වරුව දක්වා පැවතිය හැකි බවත්, ශ්වසන අපහසුතා ඇති පුද්ගලයින්ට වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙසටත් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.