සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය අද (29) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
එම තරගයේදී කාසියේ වාසිය දිනාගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වූ අතර ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය.
ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකරන බව සඳහන්ය.
ඒ වෙනුවට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස ඕෂධ ප්‍රනාන්දු ක්‍රීඩා කරනු ඇත.
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගය පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතයි.