මෙරට නාවික හමුදා වෙඩි තැබීමකින් තුවාල ලබා යාපනය රෝහලේ ප්‍රතිකාර ලබන ඉන්දීය ධීවරයින්ගේ තත්වය නිරීක්ෂණයට යාපනය ඉන්දීය කොන්සල් ජනරාල් ශ්‍රී සායි මුරලි මහතා ඊයේ(28) යාපනය රෝහල වෙත පැමිණින.

මෙරට මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන්දීය ධීවරයින් දෙදෙනෙකුට වෙඩි තබා තුවාල කර තිබු බව ඉන්දීයාව චෝදනා කොට තිබිණ.

මෙරට මුහුදු සීමාව ආක්‍රමය කළ ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන යාපනය කන්කසන්තුරය ධීවර පරීක්ෂක කාර්යාලය භාරදී තිබු අතර,ඉන් දෙදෙනකුට තුවාල සිදුව ඇති බව ධීවර පරීක්ෂක කාර්යාල ආරංචි මාර්ග පැවසූහ.

තුවාල ලැබූ ධීවරයින් ප්‍රතිකාර වෙනුවෙන් යාපනය රෝහලට ඇතුළත් කොට තිබු අතර,තුවාලකරුවන්ගේ තත්වය බරපතල නොවන බව යාපනය රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ටි.සත්‍යමූර්ති මහතා පැවසූවේය.

තුවාලකරුවන් නිරීක්ෂණයට යාපනය දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද එක්ව සිටි අතර,ඔවුන් තුවාලකරුවන්ගේ සුවදුක් විමසීය.

තුවාලකරුවන් නිරීක්ෂණයෙන් අනතුරුව ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පැවසූවේ නීති විරෝධි සංක්‍රමණිකයින් පිරිසක් යැයි සිතා වැරදීමකින් වෙඩි තැබීමක් සිදුව ඇති බවයි.

අදාළ ධීවරයින් දෛනික කුලීකරුවන් පිරිසක් බවත්,වැරදීමක් සිදුව ඇති බවත් ජාතික ජන බලවේගයේ යාපනය මන්ත්‍රීවරුන් පැවසූහ.

ඉන්දීය ධීවරයින් වෙත මෙරට නාවික හමුදාව වෙඩි තැබීමේ සිදුවීම වෙනුවෙන් ඉන්දීය රජය සිය දැඩි අප්‍රසාදය පළ කොට තිබිණ.

(වවුනියාව මාධව කුලසූරිය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here