රත්නපුර ඇළපාත ප්‍රදේශයේදී විශ්වවිද්‍යාල තරුණියක් සිය නිවෙස තුළදී ගෙළ කපා ඝාතනය කර තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි හංසනී ගුණරත්න නම් 29 හැවිරිදි වියේ පසුවූ තරුණියක්.
පොලීසිය පවසන්නේ මෙම ඝාතනය එම විශ්වවිද්‍යාලයේම ඉගෙනුම ලබමින් සිටි තරුණයෙකු විසින් සිදුකරන්නට ඇති බවයි.
ඔහු 32 හැවිරිදි වියේ පසුවන අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිය නිවසේ මුළුතැන්ගෙයි ආහාර පිසිමින් සිටියදී අද අලුයම නිවස පසුපසින් හොර රහසේ ඇතුළු වී තිබූ සැකකරු තරුණියගේ පසුපසින් පැමිණ මෙම ඝාතනය සිදුකර පළායන්නට ඇති බවටයි පොලීසිය සැකපළ කරන්නේ.
අනතුරුව සැකකාර තරුණයාද වස පානය කර ඇති අතර ඔහුද ඇළපාත ප්‍රදේශයේම කුඹුරක වැටී සිටියදී ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවයක් තිබී පසුව එය නතරවීමෙන් කෝපයට පත්ව මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවටයි සැකපළකරන්නේ.
ඇළපාත පොලීසිය මෙම ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
(ගයාන් කුඩාගම රත්නපුර)