බීමත්ව රිය පදවා අනතුරක් සිදුකළ පොලිස් නිලධාරියෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (28) අළුයම් කාලයේ ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ආසන්නයේදී රත්මලාන මැලිබන් හන්දිය දෙස සිට මොරටුව දෙසට ධාවනය වූ පොලිස් ජිප් රථයක් රත්මලාන දුම්රියපොල පාර දෙස සිට බෙලෙක්කඩේ හන්දිය හරහා ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රථයක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ ත්‍රී රෝද රථයේ රියදුරු කළුබෝවිල රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත.

පොලිස් ජීප් රථය පැදවූ පොලිස් කොස්තාපල් රියදුරුවරයා මත්පැන් පානය කර රිය ධාවනය හා අනතුරක් සිදුකර තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල් රියදුරුවරයා වයස අවුරුදු 28 ක් වන හික්කඩුව ප්‍රදේශයේ පදිංචි ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට අනුයුක්තනිලධාරියෙකි.

සැකකරු ගල්කිස්ස ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර ඇත.

නිලධාරියා විසින් සිදු කරන ලද විනය කඩ කිරීම සම්බන්ධයෙන් නිලධාරියාට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here