ඉන්දියාවේ පැවැත්වෙන මහා කුම්භමේලා ආගමික උත්සවයේදී අධික තෙරපුම හේතුවෙන් 30 දෙනෙකු මියගොස් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම පූජාව සඳහා කෝටි 10 ක පමණ බැතිමතුන් පිරිසක් එක්ව සිටින අතර පුද්ගලයින් 60 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ගංගා, යමුනා සහ පුරාවෘතයේ සඳහන් සරස්වතී ගංගාවන්ට සංගම් නදිය එක් වන ස්ථානයේ ස්නානය කිරීම මගින් පව් සේදී, ඉපදීමෙන් සහ මරණයෙන් මිදුණු “මෝක්‍ෂය” උදාකර ගත හැකි බවට පවතින විශ්වාසය මත කුම්භමේලා ආගමික උත්සවය පැවැත්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here