මුලතිව්,සුදන්දිරපුම් ප්‍රදේශයේදී ට්‍රැක්ටර රථයක යතුරුපැදියක් ගැටීමෙන් 29 වැනිදා රාත්‍රියේ පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ ගොයම් කපන යන්ත්‍රයක් පටවාගෙන ගිට ට්‍රැක්ටරයක යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් 36 හැවිරිදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර,අදාළ පුද්ගලයා අනතුර සිදුවු ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය පැවසූහ.
සිද්ධිය සම්බන්ධයෙන් ට්‍රැක්ටර රථයේ රියදුරු පළාගොස් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර,සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
(වවුනියාව මාධව කුලසූරිය)