අස්වැසුම රාජකාරීවලින් ඉවත්වීමට ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් තොරතුරු ගන්නා දත්ත පද්ධතියේ දෝෂ පැවතීම හේතුවෙන් වැඩියෙන්ම බොරු ප්‍රකාශ කරන පුද්ගලයාට අස්වැසුම ප්‍රතිලාභියෙක් ලෙස ඇතුළත් විය හැකි බවයි එහි සභාපති නන්දන රණසිංහ සඳහන් කළේ.

මෙම දෝෂ නිවැරදි කරන ලෙස පසුගිය රජයට ප්‍රකාශ කළ බවත්, වත්මන් රජයද එය නිවැරදි කිරීමට කටයුතු නොකරන බවත්, එයට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය දියත් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here