ප්‍රශ්න පත්තර පිටවීම හේතුවෙන් කල් දැමූ 2024 උතුරු මැද පළාතේ සාමාන්‍ය පෙළ වාර විභාගය ප්‍රථම වරට පොලිස් ආරක්ෂාව යටතේ පෙබරවාරි තුන්වන දින නැවත පැවැත්වීමට කටයුතු කරන බව පළාත් අධ්‍යාපන ලේකම්වරයා පවසයි.
2024 වර්ෂයේ උතුරුමැද පළාතේ සාමාන්‍ය පෙළ වාර විභාග ප්‍රශ්න පත්තර පිටවීම හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දැමූ එම විභාගය පෙබරවාරි මස තුන්වන දින සිට දාසය දින දක්වා නැවත පැවැත්වීමට කටයුතු කර ඇති අතර රජයේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමේදී සිදුකරන පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රථම වතාවට මෙම පෙරහුරු වාර විභාගය පැවැත්වීමට කටයුතු කරන බව උතුරුමද පළාත් අධ්‍යාපන ලේකම් සමන් කුමාර ජයලත් මහතා පවසයි.
මේ සඳහා වන විභාග ප්‍රශ්න පත්තර රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් මුද්‍රණය කරන ලද ප්‍රශ්න පත්තර මෙම දරුවන් වෙනුවෙන් ලබාදීමට කටයුතු කරන බවත් මේ වන විට එම ප්‍රශ්න ප්‍රශ්නපත්‍ර උතුරු මැද පළාතේ කොට්ඨාස අධ්‍යාපන කාර්යාල තිහක එම ප්‍රශ්න පත්තර රඳවා විභාග දිනයේදී අදාළ විදුහල්පතිවරුන් වෙත පොලිස් ආරක්ෂාව යටතේ ලබා දීමට කටයුතු කරන බවද ලේකම්වරයා පවසයි.
පළාත තුළ දරුවන් විසිහය දහසක් පමණ දෙනෙකු සාමාන්‍ය පෙළ පෙරහුරු විභාගය සඳහා පෙනී සිටින බවත් ඔවුන් වෙනුවෙන් ඉතා සැලසුම් සහගතව විභාගය පැවැත්වීමට කටයුතු සූදානම් කරන බවත් අනෙකුත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවන අයුරින් එම පෙරහුරු විභාගය පැවැත්වීමට කටයුතු කරන බවත් ලේකම්වරයා පවසයි.
ප්‍රශ්න පත්තර පිටවීම සම්බන්ධයෙන් වූ චූදිතයන් සදහා නීතිමය කටයුතු අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් ද සිදුකරමින් යන බවත් පවසන ලේකම්වරයා තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ඉදිරියේදීද රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව හරහා වාර විභාග ප්‍රශ්න පත්තර මුද්‍රණය කිරීමට කටයුතු කරන බවත් නිලධාරීන්ගේ සහය ඇතිව ඉදිරියේදී පොලිස් ආරක්ෂාවකින් තොරව වාර විභාග පැවැත්වීමට හැකිවනු ඇති බවට විශ්වාස කරන බවය.
(ඉන්දීක රංගජිව – අනුරාධපුරය)