ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන “නාමල් සමග ගමින් ගමට” වැඩසටහන හෙට (01) ආරම්භ වීමට නියමිතව තිබේ.
හෙට උදෑසන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අසලින් ආගමික කටයතු සිදුකර ආගමික වතාවක් සිදුකිරීමෙන් අනතුරුව මෙම කටයුතු ආරම්භ කිරීමට සූදානම් කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේය.
ඒ අනුව හෙට දහවල් දෙකට නොච්චියාගම ප්‍රදේශයේදී මෙහි පලමු වැඩසටහන සිදු කිරීමට නියමිතව තිබේ.