අමෙරිකාවේ “ෆිලඩෙල්ෆියා” නගරයේ ගොඩනැගිලි කිහිපයක් මතට කුඩා ගුවන් යානයක් කඩාවැටීමෙන් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා තිබේ.
නිවාස හා රථවාහන කිහිපයකට දැඩි අලාබ හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකාවේ “පෙන්සිල්වේනියා” ප්‍රාන්තයේ “ෆිලඩෙල්ෆියා” නගරයේ ඊසාන දිග ප්‍රදේශයේ රෝගියෙකු රැගෙන යමින් සිටින අතරතුර ඊයේ පස්වරුවේ මෙම කුඩා ගුවන් යානය කඩාවැටී ඇති බව වාර්තාවේ.
එම යානය, එරට “ජෙට් රෙස්කියු එයාර් ඇම්බියුලන්ස්” නැමති වෛද්‍ය මෙහෙයුම් ගුවන් යානා සමාගමට අයත් වූවකි.
අනතුර වන අවස්ථාවේ යානය තුළ කාර්ය මණ්ඩලය ඇතුළු 6 දෙනෙකු සිට ඇති බව සඳහන් වේ.
ළමා රෝගියෙකු රැගෙන යමින් සිටින අතරතුර එය කඩාවැටී ඇති බව ගුවන් යානය අයත් සමාගම පවසයි. අනතුරෙන් නගරයේ සාප්පු සංකීර්ණයකට ද දැඩි අලාබ හානි සිදුව ඇත.