මැදගම, මෑගල්ලගම ප්‍රදේශයේ දී කුඩා පිරිමි දරුවෙකු නිවස අසල ඇති ළිඳට වැටී මියගොස් තිබෙනවා.

ඊයේ (01) සවස් කාලයේදී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසනවා.

එලෙස මියගොස් ඇත්තේ, මල්ගස්තලාව, මෑගල්ලගම ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 01 මාස 02 ක් වූ  කුඩා දරුවෙක්.

මියගිය දරුවා මව සමඟ නිවසේ සිටියදී මවට නින්ද ගිය අවස්ථාවකදී මෙම දරුවා නිවස ඉදිරිපිට අනාරක්ෂිත ළිඳට වැටී ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

මෘත ශරීරය මැදගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මැදගම පොලීසිය සිද්ධිය සම්බව්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here