ඇමරිකාවට ආනයනය කරනු ලබන චීන නිෂ්පාදන සඳහා 10% ක අතිරේක තීරුබදු පැනවීම සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශය ප්‍රතිචාර දක්වා තිබෙනවා.
ෆෙන්ටැනයිල් (Fentanyl) නම් ඖෂධය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළුව හේතුවෙන් ඇමරිකාවට ආනයනය කරනු ලබන චීන නිෂ්පාදිත සඳහා 10% ක අතිරේක තීරු බද්දක් පනවා ඇති බවත්, ඒ සම්බන්ධයෙන් චීනය තරයේ විරෝධය ප්‍රකාශ කරන බවත්, මේ සිද්ධිය පිළිබඳ අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.
එහිදී ඔහු අවධාරණය කර ඇත්තේ මෙම ගැටලුව සම්බන්ධයෙන් උද්ගතව ඇති අර්බුදය හමුවේ තම රටෙහි නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට චීනය සූදානමින් සිටින බවයි.
ෆෙන්ටැනයිල් යනු ඇමරිකාවේ දේශීය ගැටළුවක් බවත්, ඔවුන්ගේ ඉල්ලීමකට අනුව, 2019 වසරේ දී ෆෙන්ටැනයිල් වැනි ද්‍රව්‍ය විධිමත් ලෙස ලැයිස්තුගත කළ තම රට, ෆෙන්ටැනයිල් වැනි ද්‍රව්‍ය නිසි ලෙස පාලනය කර ඇති ලොව පළමු රට බවට පත් වූ බවත් චීනය පවසනවා.
එමෙන්ම වෙළඳ යුද්ධයකින් හෝ තීරුබදු සටනකින් කිසිවෙකුත් ජයග්‍රහනය කර නොමැති බව පෙන්වා දෙන චීනය පවසන්නේ, ඇමරිකාව ඒකපාර්ශ්විකව තීරුබදු පැනවීම ලෝක වෙළඳ සංවිධානයේ රෙගුලාසි බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් ද වන බවයි.
තවද මෙය ඇමෙරිකාව තම රටෙහි ගැටළු විසඳීමට අපොහොසත් වීමක් පමණක් නොව, ද්විපාර්ශ්වික සබඳතා සඳහා මෙන්ම සමස්ත ලෝකයට ද අහිතකර වන්නක් බව චීනය පෙන්වා දී තිබෙනවා.