මේ වන විට අතිශය පීඩාකාරි අයි එම් එෆ් ගිවිසුමක් හරහා රටේ ආර්ථිකය ක්‍රියාත්මක වන බවත් වත්මන් ආණ්ඩුව විපක්ෂයේ සිටින විට ජනාධිපතිවරණයේ දී සහ මහමැතිවරණයේ දී නව අයි එම් එෆ් ගිවිසුමක් හරහා ජනතාවට සහන ලබා දෙන බව පැවසූ නමුත් දැන් පසුගිය රජය එකග වූ ගිවිසුමම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන බවත් මේ ඇති කර ගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථකව කර ගෙන යා හැකි පසුබිමක් නිර්මාණය වී ඇත් ද කියා රජයෙන් ප්‍රශ්න කරන බවත් ජනතාවට සත්‍ය හෙළිදරව් කිරීම රජයේ වගකීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රට මුහුණ දී ඇති සැබෑ සත්‍ය නම් අප රටට ප්‍රධාන ඉලක්ක ගණනාවක් සම්පූර්න කළ යුතු බවත් ඒ අතර වේගවත් ආර්ථික වර්ධනය සහ ඉහළ රාජ්‍ය ආදායමක් පවත්වා ගැනීම බවත් එය එසේ නොකරන්නේ නම් තව වසර 2-3ක් යන විට තවත් ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළකට යා යුතු බවත් මේ කතාව තමා ස්ථිරවම කියන බවත් තමා පසුගිය කාලයේ පවා මෙවැනි අනාවැකි කියන විට හිනා වුණත් ඒවා හැම දෙයක්ම සත්‍ය වූ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කුරුණෑගල ඉබ්බාගමුව ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.

ලෝකයේ විවිධ රටවල් ඇති කර ගත් අයි එම් එෆ් ගිවිසුම් සංගණනයකට ලක් කර එහි සාර්ථක භාවය දෙස බැලූ විට ඒ අත්සන් කළ ගිවිසුම්වලින් 59%ක්ම නැවත ණය ප්‍රතිව්‍යුහගත කිරීමට යාම බවත් මේ කරුණු කාරණා ජනතාවගෙන් හංගන බවත් කවුරුත් මේවා ජනතාවට නොකියන බවත් තවත් ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනකට යනවා යනු ජනතාව දුකට කරදරයකට පත් කිරීම බවත් එය අභියෝගාත්මක බවත් ඉදිරි ගමන ප්‍රශ්න ගැටලු රැසක් මැද යාමට ඇති නිසා අපි රටක් ලෙස ඒ අභියෝගවලට මුහුණ දී රට රැකගත යුතු බවත් එම නිසා අයි එම් එෆ් එකත් සමග සාකච්ඡා කරන්න බිය නොවන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ මොහොත වන විට අප රට රටේ සුවහසක් ජනතාව ප්‍රශ්න ගැටලු රාශියකට මුහුණ දෙන බවත් ඒ ගැටලු හා අභියෝගවලට උත්තර අපේක්ෂාවෙන් සිටින බවත් රටක ජනතාව රාජ්‍ය පාලනයක් පත් කරන්නේ රට හොද ශක්තිමත් ප්‍රතිපත්ති තුලින් ජනතාවටත් රටටත් යහපත් කලදසාවක් උදා කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නට බවත් ගැටලුවලට ප්‍රශ්නවලට උත්තර සපයන්න බවත් ජනාධිපතිවරණයක් සහ මහමැතිවරණයක් පවත්වා ගතවූ ටික කාලයේ සිදු වු දේ ගැන සාමාන්‍ය ජන ජීවිතයේ මුහුණ දෙන ප්‍රශ්නවලට ගැටලුවලට රජය දුන් විසදුම් ගැන ප්‍රශ්න කළ යුතු බවත් මෙය රාජ්‍ය පාලනය සම්බන්ධ ලිට්මස් පරික්ෂණය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here