බන්ධනාගාරයෙන් නිදහස ලබා පැමිණි යාපනයේ කෝපායී ප්‍රදේශයේ තරුණයෙකු සිය මිතුරන් සමග අධික මාත්‍රාවකින් මත්ද්‍රව්‍ය පානය කිරීම නිසා ඊයේ (03) මියගොස් තිබෙනවා.

මෙම තරුණයා මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනවකට වැරදිකරුවකු වී කෙටි කලක් යාපනය බන්ධනාගාරයේ සිට නිදහස ලබා නිවසට පැමිණි දිනයේම සිය මිතුරන් පිරිසක් සමග මත්ද්‍රව්‍ය පානය කර තිබෙනවා.

එහිදී ඔහු අධික මාත්‍රාවකින් යුතුව මත්ද්‍රව්‍ය පානය කිරීම හේතුවෙන් සිහිමූර්ජා වී යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි මෙලෙස මියගොස් තිබෙන්නේ.

මි‍ය ගොස් ඇත්තේ වයස අවුරුදු 27 ක තරුණයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ මිතුරන් දෙදෙනෙකු යාපනය පොලිසියට ප්‍රකාශ ලබා දී තිබෙනවා.

කෙසේවෙතත් යාපනය පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here