ඇමෙරිකාවේ ලාස්වේගාස් නුවර පැවති 40 වැනි ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී එහි දෙවන ස්ථානය දිනා ගත් ඉෂාදි අමන්දා අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියා.
ඇය පිළිගැනීම සඳහා ගුවන් තොටුපොළේ “සිල්ක් රූට් ” පර්යන්තයේ විශේෂ උත්සවයක් පැවති අතර එය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් සංවිධානය කර තිබුණා.
මෙම අවස්ථාවට ප්‍රවීන රුපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු රුක්මාල් සේනානායක ඇතුළු පිරිසක් එක්ව සිටියා.