තම දියණියගේ නිවසේ නිදාගෙන සිටි බිරිදව පිහියකින් ඇණ ඝාතනය කර සැමියා (04) දින අලුයම නාවලපිටිය පොලිසියට භාර වි ඇති බව නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක හරෙන්ද්‍ර කළුගම්පිටිය මහතා පැවසිය.
මෙසේ ඝාතනයට ලක් වි ඇත්තේ නාවලපිටිය සෙම්රොක් ප්‍රදේශයේ පදිංචිව සිටි ගයානි දිල්රුක්ෂි කුමාරි (46) හැවිරිදි තිදරු මවකි.
සිය සැමියා සමග නිරන්තරයෙන් ආරවුල් ඇතිවන නිසා ඇය දියණියගේ නිවසේ නැවතී සිටි බවත්, ඇය කොළඹ ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කර දානමය පිංකමකට සහභාගි විම සදහා (03) දින නාවලපිටිය ප්‍රදේශයට පිහිටි දියණියගේ නිවසට පැමිණ නතර වි සිටියදි (04) දින අලුයම 1.30 ට පමණ පිහියක් සහිතව නිවසේ පහල මහලේ ජනේලය මතින් හොර රහසේ නිවසට ඇතුල් වූ පියා නිවසේ කාමරයේ නිදාගෙන සිටි මවට පිහියෙන් ඇණිමත් සමග මව බේරිම සදහා නිවසෙන් පිටතට දිවගිය බවත්, මව පිටුපසින් හබා ගිය පියා නිවසෙන් පිටතදි යලිත් මවට පිහියෙන් ඇණ ගලකින් හිසට ගසා මව ඝාතනය කල බවට ජිවිතක්ෂයට පත් කාන්තවගේ දියණිය විසින් පොලිසිය ප්‍රකාශ කර ඇත.
මව බේරිමට ගිය දියණියට තුවාල සිදු වි ඇති බවත්, මෙම ඝාතනය පවුල් ආරවුලක් මත සිදු වූ ඝාතනයක් බවත්, ජිවිතක්ෂයට පත් කාන්තාව සහ සැකකාරු සැමියා කාලයක් තිස්සේ වෙන් වි ජිවත්ව ඇති බව සිදු කරන ලද මුලික විමර්ෂණ වලදි අනාවරණය වු බවයි ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
නාවලපිටිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණ සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බවද ස්ථානාධිපතිවරයා පැවසිය.
( හැටන් රංජිත් රාජපක්ෂ)