ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රිලව් පිළිබඳව දීප ව්‍යාප්ත සංගනනයක් සිදුකිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.

ඒ අනුව පෙබරවාරි 15 හෝ 22 යන දිනයන්හි එක් දිනක සිදු කිරීමට තීරණය කර ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා පැවසීය.

මෙම සංගණනය සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි එකම වෙලාවක පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

රිලවුන්ගේ මැදිහත්වීම මත 2024 වසර තුළදී පොල් ගෙඩි මිලියන 300ක පමණ ප්‍රමාණයක් විනාශ කිරීම නිසා එය දැඩි ලෙස ආර්ථිකයට බලපෑමක් එල්ල වී ඇති බව අනාවරණය වී ඇත.

මේ සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, ජනමාධ්‍ය අමාත්‍යාංශ කිහිපයක මැදිහත්වීම මත දිවයිනේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල,ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව,පොල් වගා කිරීමේ මණ්ඩලය,වනජීවී දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ දෙපාර්තමේන්තු රැසක් මේ සඳහා දායකත්වය ලබාදීමට සූදානම් වෙයි.

මෙම රිලා සංගනනය තුළින් ලබාගන්නා දත්තයන් ඉදිරියේදී සැලකිල්ලට ගෙන ඒ අනුව වැඩසටහනක් සකස් කිරීමට රජය අවධානය යොමු වී ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමා ගෙයකොඩි මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here