ගාල්ල, හිනිඳුම මහාබෝධිවත්ත ප්‍රදේශයේ  පිහිටි ලැගුම්හලක් තුළදී සිදු වූ ත්‍රිත්ව ඝතනය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙකුගේ සම්බන්ධිකරණ නිලධාරියෙකුව අද (04) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගාල්ල, හිනිඳුම මහාබෝධිවත්ත ප්‍රදේශයේදී පසුගිය 30 වනදා රාත්‍රියේ නාඳුනන තුවක්කුකරුවකු සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුගෙන් අයෙක් T56 වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවය.

වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ ලැගුම්හල තුළ පුද්ගලයින් පස් දෙනෙකු මන්පැන් පානය කරමින් සිටි ඇති අතර ඉන් තිදෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ අතර අනෙක් දෙදෙනා වෙඩිතැබීම සිදුවන අවස්ථාවේදී එම ස්ථානයෙන් පලාගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

වෙඩි ප්‍රහාරයට ලක්වී ජීවිතක්ෂයට පත්වුයේ, ලැගුම්හලේ හිමිකරු වන 55 හැවිරිදි ඉඳුනිල් සමන් කුමාර, අම්බලන්ගොඩ පදිංචි එම්. නෙවිල් හා හිනිදුම පදිංචි 34 හැවිරිදි චතුරංග කුමාර නම් පුද්ගලයන් තිදෙනෙකි.

ඝාතන සිදු වූ ස්ථානයේ තිබී ටී 56 උණ්ඩ කොපු 28ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙන බවයි පොලිසිය පැවසුවේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයන් තිදෙනාට කිසිඳු පාතාල සබඳතාවක්ද නොමැති බවද පොලීසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here