විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රී ලංකා රජය හා ජපාන රජය අතර හුවමාරු පත්‍ර සහ ශ්‍රී ලංකා රජය හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) අතර සංශෝධන ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබ්‍ර්නවා.

ශ්‍රී ලංකා රජය විසින් නිල ණය හිමි කමිටුව සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කර අවබෝධතා ගිවිසුමකට එළඹීමෙන් අනතුරුව ජපාන රජය සමඟ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡා වලට අනුව ජපාන රජය සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීම සඳහා වන හුවමාරු පත්‍ර සහ සංශෝධන ගිවිසුම අත්සන් කළ යුතුව තිබුණා.

මේ වන විට එම අත්සන් කළ යුතු අදාළ ලේඛන සඳහා නීතිපතිගේ එකඟතාව ලැබී තිබෙනවා.

 ඒ අනුව, ජපාන රජය සමඟ හුවමාරු පත්‍ර සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය සමඟ සංශෝධන ගිවිසුම අත්සන් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here