ඩේවිඩ් නම් නිවාස හිමියෙකුගේ ගෙවත්තෙන් සර්පයන් 102ක් සොයාගැනීමේ පුවතක් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි වෙතින් වාර්තා වනවා.

ගෙවතු ආශ්‍රිතව සර්පයෙකු හෝ දෙදෙනෙකු ගැවසීම ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය කාරණාවක් වුවත්, මෙම සිදුවීම සුවිශේෂී වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

මෙලෙස සොයාගත් උරගයින්ගෙන් පස් දෙනෙකු හොඳින් වැඩුණු සර්පයන් වන අතර අනෙකුත් 97 දෙනා කුඩාවුන් බව සඳහන්.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ මෙම සර්පයින් විශේෂය ‘විෂ සහිත සර්ප විශේෂයක්’ ද වන බවයි.

එම සර්පයින් ගෙවත්තෙන් ඉවත් කිරීමට පැය තුනක පමණ කාලයක් ගතව ඇති අතර එම තොගය ජාතික වනෝද්‍යානයකට මුදාහැරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here