මාසයකට පමණ සිට මිල්ලනිය කිම්මන්තුඩාව ප්‍රදේශයේ ජනතාව භීතියට පත් කරමින් ග්‍රීස් යකෙකු හෝ කණ්ඩායමක් රාත්‍රී සැරිසරමින් නිවෙස් තුළ ඇති භාණ්ඩ සොරකම් කරන බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි මිල්ලනිය පොලිසිය පවසයි.
පසුගිය මාසයක පමණ කාලය තුළ කිම්මන්තුඩාව ප්‍රදේශයේ තුල පුද්ගලයෙකු හෝ කිහිපදෙනෙකු හොර රහසේ නිවෙස් තුළට ඇතුළු වී ජංගම දුරකථන, කනකර ආභරණ ඇතුළු විවිධ භාණ්ඩ හා ජංගම දුරකථන සොරකම් කරගෙන ගොස් ඇති අතර මෙම සිද්ධියත් සමඟ ප්‍රදේශයේ තරුණ පිරිස මිල්ලනිය පොලීසිය සමඟ රාත්‍රී කාලයේ වරින් වර එළිවෙනතුරු ප්‍රදේශයේ පුරා ග්‍රීස්යකා සොයා රැක සිටියත් අල්ලා ගැනීමට නොහැකි වී ඇත.
ඊයේ දින ද රාත්‍රී කාලයේ ප්‍රදේශයේ පුරා ග්‍රීස් යකා සැරිසරමින් සිට ඇති අතර නිවසක් පිටුපස තම පාවාහන් යුගල සහ හිස්වැසුම අමතක වීමකින් තබා යාමත් සමඟ ප්‍රදේශම යළි භීතියට පත් වී ඇත. ප්‍රදේශවාසීන් විසින් නැවත මිල්ලනිය පොලිසියේ නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු හොරණ මූලස්ථාන පොලීසියට අනුයුක්ත සිටින “බෲනෝ”නැමති සුනඛයාගේද සේවය ලබා ගනිමින් ප්‍රදේශය පුරා සෙවීම් කටයුතු පැය දෙකකට පමණ අධික කාලයක් සිදුකළත් කිසියම් හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වී ඇත.
මෙවැනි තත්ත්වයක් තුළ ප්‍රදේශයේ කාන්තාවන් පවසන්නේ තම ජීවන උපාය කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි. කිම්මන්තුඩාව ප්‍රදේශයේ ජනතාව වැඩි වශයෙන් සිදු කරනු ලබන්නේ බට පැළලි කර්මාන්තය වන අතර මෙම තත්ත්වයත් සමඟ නිවසින් බැහැරවීමට නොහැකිව වී ඇත .මෙම දින කිහිපය තුළ නිවසට වී ගැහැණු දරුවන් සහ කුඩා දරුවන් ආරක්ෂා කර ගනිමින් සිටින බව පවසයි.
මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මිල්ලනිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී. කේ.ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ ස්ථානාධිපති අජිත් විජිතසිරි මහතා ඇතුළු නිලධාරීන් මෙහෙයවයි.
(ගල්පාත කළුතර චන්දන පෙරේරා)