පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සිය බිරිදගේ ගෙල මාළු කපන මන්නයකින් කපා ඝාතනය කල පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි .
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ වාද්දුව වේරගම පදිංචිව සිටී ඉසාරා නිසාදිනී සල්ගාදු නමැති 28 හැවිරිදි තිදරු මවක බව පොලිසිය කීය.
ලද තොරතුරක් මත පොලිසිය නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී ඇදක් අසල ලේ විලක් මැද වැටී තිබූ සිරුර සොයාගත් බව පොලිසිය කීය.
ඝාතනය සිදුකල පුද්ගලයා අත්අඩංගුවට ගෙන පහරදීමට යොදාගත් මාළු කපන මන්නයද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිසිය සදහන් කරයි.
පානදුර කොට්ඨාශ අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරින් පරීක්ෂණ පවත්වන ලදී.
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි .
පානදුර ජේෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක සහ සහකාර පොලිස් අධිකාරි කමල් ජයනෙත්ති යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද කුමාර මහතා ගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව් .ඩී.සී.කේ. රත්නායක ඇතුළු නිළධාරීන් පරීක්ෂණ පවත්වති .
(සම්පත් කුලරත්න- කළුතර)