බලංගොඩ නගරයේ ඇති රා තැබැරැමකදි පූද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් බරපතල තුවාල ලබා බලංගොඩ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 60 හැවිරිදි දෙණියාය කුබූර රාස්සගල පාරේ පදිංචි පුද්ගලයෙකු මරණයට පත්වී ඇතැයි බලංගොඩ පොලීසිය පවසයි.

රත්නපුර දිස්ත්‍රික් අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ස්ථානීය පරීක්ෂණය සිදු කල අතර බලන්ගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයේ වාඩ බලන මහෙස්‌ත්‍රාත් ඩී.චන්ද්‍රසේකර මහත්මා විසින් මහෙස්‌ත්‍රාත් පරීක්ෂණය සිදු කලාය.

මෙයට සම්බන්ධ සැකකරුවෙකු බලංගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ බලංගොඩ පොලිසිය සිදුකරයි.

(ආනන්ද තිස්ස-බලංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here