වෝන් මුරලි කුසලානයේ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ද පරාජය අභියසට ශ්‍රී ලංකාව පැමිණ සිටිනවා.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ පැවැත්වෙන මෙම තරගයේ ඊයේ (07) දිනය නිමාවන විට කඩුළු 03 ක් දැවී ලකුණු 330 ක් ලබා සිටි ඕස්ට්‍රේලියා පළමු ඉනිම ලකුණු 414 කට සීමා කිරීමට ප්‍රභාත් ජයසූරිය ප්‍රමුඛ පන්දු යවන්නන් සමත් වුණා.
ඕස්ට්‍රේලියා ඉනිම වෙනුවෙන් ඇලෙක්ස් කේරි හා ස්ටීවන් ස්මිත් ශතක වාර්තා කළා.
පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය ලකුණු 151 කට කඩුළු 05ක් බිඳ හෙලු අතර නිශාන් පීරිස් ලකුනු 94 කට කඩුළු 03 ක් බිඳ හෙළුවා.
ශ්‍රී ලංකාව පළමු ඉනිමට රැස් කළේ ලකුණු 257යි.
ඒ අනුව ලකුණු 157 ක් පිටුපසින් සිට දෙවන ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (08) දිනය නිමාවට පත්වන විට කඩුළු 08 ක් දැවී ලකුණු 211 ක් රැස් කර ගැනීමට සමත් වුණා.
තම අවසන් ටෙස්ට් ඉනිම සඳහා පන්දුවට පහර දුන් දිමුත් කරුණාරත්නට ලබාගත හැකි වූයේ ලකුණු 14 ක් පමණයි.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 76 ක් ලබාගත් අතර කුසල් මෙණ්ඩිම් නොදැයී ලකුණු 48 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 02 ක් ඇතිතව ලකුණු 54 ක් ඉදිරියෙන් සිටිනවා.
En popüler freespin kampanyaları 🉠FreeSpin ile Kazancını Katlayarak Yüksek Ödüller Kazanmak İçin Hemen Başla! https://kusadasi-bayans10.citiescort.com/