යාපනය, විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඇතිවු ගැටුමකින් විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

විශ්වවිද්‍යාලයේ නවක සිසුන් පිළිගැනීමේ වැඩසටහනකින් අනතුරුව මෙම සිසුන් අතර ගැටුමක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ තෙවැනි වසරේ හා සිව්වන වසරේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඊයේ (09) සවස ගැටුම හටගෙන තිබුණා.

ගැටුමෙන් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර වෙනුවෙන් යාපනය රෝහලට ඇතුළත් කොට බව සඳහන් වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here