එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකමුතු වීම සදහා ගෙන යන සාකච්ඡා සදහා තමන් එක හෙලා විරුද්ධ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමච්නද්‍ර පවසයි.
එක්සත් ජාතික පක්ෂය යනු විෂ කුරු සර්පයන් ලැග සිටින හුඹහක් බව පවසන හිරුණිකා, එම හුඹහට අත පොවන්න නොයන්න යැයි සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටියි.
සජබය යනු කලු පැල්ලම් නොගෑවුණු අවංක මිනිසුන්ගේ පක්ෂයක් යැයි කියනවානම්, අරගල සමයේ ගෙවල් ගිනි තැබීමට ලක් වූ දූෂිත දේශපාලනඥයන්ට කෝටි ගණනින් වන්දි අරගෙන දුන් රනිල් වැනි අයෙකු සමග එකතු වන්නේ කෙසේදැයි ඇය වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියි.
සමගි ජන බලවේගය තුළ දක්ෂ නායකයන් රැසක් සිටින බව පවසන හිරුණිකා, තනිව හොද ගමනක් යාමට සජබයට හැකි බව දැඩිව අවධාරණය කරයි.
සමගි ජනබලවේගයේ කඩුවෙළ කොට්ඨාශ නායකයන්ද සහභාගී වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් හිරුණිකා මේ අදහස් පළ කර සිටියා ය.