එක්සත් ජාතික පක්ෂය සමග සිදුකරන සාකච්ඡා වලින් සිදුවන්නේ එක්සත් ජාතික පක්ෂය සමඟ එකතුවීම යන කෙටි තැනකට සිමා විමක් නොවන බව සමගි ජන බලවේගය පවසයි .

රටේ දක්ෂිණාංශික දේශපාන කදවුරු එකතු විය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් පැවසීය .

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මේ බව කියා සිටියේ අද (11) සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. මෙහිදී අදහස් දැක්වූ මරික්කාර් මහතා මෙසේද පැවසීය.

“දක්ෂිණාංශික දේශපාලන කදවුරු බෙදුනාම ඡන්දයකදි ලක්ෂ 25 ක් පමණ ජනතාව ඡන්දය භාවිතා කරන්නේ නෑ.. දක්ෂිණාංශික මතවාදය දරන සියලු දෙනා එකතු කරන්න තමයි අපි උත්සහ ගන්නේ. දක්ෂිණාංශික කදවුරේ සිටින හොරුත් එක්ක අපි කවදාවත් එකතු වෙන්නේ නෑ. මැතිවරණවලදී සමගි ජන බලවේගය පරාජයට පත් වුණාත් අපේ පක්ෂය තුළ දුෂිත දේශපාලඥයින් නැහැ. සමගි ජන බලවේගයේ සිටින්නේ පිරිසිදු කණ්ඩායමක්. දක්ෂිණාංශික කදවුරේ සිටින පිරිසිදු මිනිස්සු එකතු කරගෙන ඉදිරියට යන්න තමයි අපි කටයුතු කරන්නේ. ඒ වගේම ඡන්දය භාවිතා නොකළ ලක්ෂ 25 ක් වගේ ප්‍රමාණය ඡන්ද පොලට ගෙන්වා ගැනිම තමයි සමගි ජන බලවේගයේ අරමුණ. ඒ වගේම කදවුරු එකතුවිමක් සිදුවුණොත් එහි නායකයා බවට පත් වන්නේ සජිත් ප්‍රේමදාස මහතා. ‘‘

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මරික්කාර් මන්ත්‍රීවරයා වර්තමාන ආණ්ඩුව තුනෙන් දෙකක බලයක් ලබාගෙන උද්දච්ච මානසිකත්වයෙන් හැසිරෙන බවට චෝදනා කළේය.


“මහින්ද රාජපක්ෂටත් තුනෙන් දෙකක් ලැබුණා. ඊලග මැතිවරණයේදී පැරදුනා. ගෝඨාබයටත් තුනෙන් දෙකක් ලැබුණා අවසානයේදී අවුරුදු දෙකකින් ගෙදරයන්න වුණා. තුනෙන් දෙක හරියට භාවිතා කළොත් දිග ගමනක් තිබෙනවා. තුනෙන් දෙක අවභාවිතා කළොත් විනාශ වෙනවා. වර්තමාන ආණ්ඩුව ගැන විශාල බලාපොරොත්තු සහිතව තමයි ජනතාව විශාල ජන වරමක් ලබාදුන්නේ. නමුත් දැන් ආණ්ඩුව ජනතාවට කොකා පෙන්වනවා. මැතිවරණයේදී දුන්න පොරොන්දු මතක් කරන්න , ජනවරමේ තරම මතක් කරන්න ආණ්ඩුවට විරුද්ධව මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය භාවිතා කරන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here