ලබන මාසය වනවිට රටේ බංකොලොත්භාවය අවසන් වී ඇති බවත්, රටවල් රැසකින් ඊට අවශ්‍ය ප්‍රතිචාර ලබා දී ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ලබන වසර සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනාවක් වන “උරුමය” වැඩසටහන පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පළමු අදියර අද (26) අනුරාධපුර නොච්චියාගමදී ආරම්භ කෙරුණු අතර ඊට එක් වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපති ,
“මම ආණ්ඩුව බාරගන්නා විට රට කඩා වැටිලා තිබුණේ. අද තිබෙන තත්ත්වයට අපට රට ගෙන ඒමට හැකි වෙයි කියා කිසිවෙකුත් සිතුවේ නැහැ. ලබන මාසය වනවිට අප රට බංකොළොත්භාවයෙන් නිදහස් වීමට නියමිතයි. අදාළ රටවලින් ඊට අවශ්‍ය ප්‍රතිචාරය මේ වන විට දක්වා තිබෙනවා. එය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. අපට තව විශාල වැඩකොටසක් පැවරී තිබෙනවා.”