ඉන්දියාවේ ලාබදායී ගාස්තු අය කරණ ගුවන් සමාගමක් වන ඉන්ඩිගෝ ගුවන් සමාගම ( Air Indigo ) විසින් චෙන්න්නායී හා යාපනය අතර තවත් අමතර ගුවන් ගමන් වාරයක් ආරම්භ කිරීමට සැලසුම් කොට තිබේ.
යාපනය ගුවන් තොටුපල නවීකරණය කෙරන අතරවාරයේම දැනට පවත්වා ගෙන යන ගුවන් ගමන් වලට අමතරව මෙම අමතර ගුවන් ගමන් වරය සිදු කිරීමට එම සමාගම බලාපොරොත්තු වෙයි.
දැනට චෙන්නායි හා යාපනය අතර සතියකට දින පහක් දිනකට ගුවන් ගමන් වාරය බැගින් ක්‍රියාත්මක කොට ඇති අතර ඉදිරියේදී තෝරාගත් දින තුනකදී අමතර ගුවන් ගමන් වාරයක් බැගින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙයි.
වසරකට මගීන් 25000 ක් පමණ යාපනය හා ඉන්දියාව අතර වාණිජ කටයුතු වලට, ඥාතීන් හමුවීමට, විවාහ මංගල්ල වලට සහ වෙනත් උත්සව වලට මෙන්ම වන්දනාමාන කටයුතු සදහා ගමන් කරන බව පෙනි යාමෙන් පසුව ඉතා තරගකාරී මිලකට එම ගුවන් මගීන්ට ගුවන් ගමන් පහසුකම් සලසා දීමට ඉන්ඩිගෝ ගුවන් සමාගම ( Air Indigo ) බලාපොරොත්තු වෙයි.
යාපනය ගුවන් තොටුපල නවීකරණය කිරීමෙන් පසුව ඉන්දියාවේ බැංගලෝරයේ සිට යාපනය දක්වාද සතියකට ගුවන් ගමන් වාර තුනක් ආරම්භ කිරීමට සමාගම බලාපොරොත්තු වෙයි.
යාපනය ගුවන් තොටුපල නවීකරණය කිරීම පිණිස උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයේ පැවති සාකච්ඡාවකට සහභාගී වු ඉන්ඩිගෝ ගුවන් සමාගම ( Air Indigo ) විධායක නිලධාරීන් දෙදෙනා යාපනයේ මාධ්‍ය වෙත මෙම තොරතුරු හෙළි කළේය .