2025, 02.12 – කොළඹ, ශ්‍රී ලංකාව – Nexus Communications, ශ්‍රී ලංකාවේ smart devices හා lifestyle products අංශයේ ප්‍රමුඛයකු ලෙස සීඝ්‍රයෙන් ඉදිරියට යමින් සිටියි. ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක් වූ ජංගම දුරකතන හා ඉලෙක්ට්‍රොනික සන්නාම කළමනා කරණයේ දශක දෙකක පමණ පළපුරුද්දක් සහිතඅත්දැකීම් වලින් පොහොසත් රජීව් ගුණරත්න මහතාගේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක Nexus Communications වසර 15 කට අධික විශේෂඥ දැනුමින් සන්නද්ධ ක්ෂේත්‍රයේ පුරෝගාමී කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලබයි.

Blackview දුරකතන, ටැබ් හා ලැප්ටොප් පරිගණක මාස 18 ක ආකර්ෂණීය වග කීමක් සහිතව පාරිභෝගිකයා වෙත ලබා දීමට කටයුතු කර ඇති Nexus Communications ඒ තුළින් ගුණාත්මකභාවය හා විශ්වසනීයත්වය පිළිබඳ ඔවුන්ගේ කැපවීම මනාව පිළිබිඹු කිරීමට සමත්ව සිටියි. සිය නිෂ්පාදන පාරිභෝගිකයන් හට පහසුවෙන් මිලදී ගැනීමේ අවස්ථාව උදා කර දීමට Nexus කටයුතු කර ඇත්තේ දීප ව්‍යාප්ත බෙදා හැරීමේ ජාලයක් හා සේවා කණ්ඩායමක කැපවීම සමඟිනි.

පාරිභෝගිකයින් හට නවීන තාක්ෂණික අත්දැකීම පහසුවෙන් විඳ ගැනීම වෙනුවෙන් Blackview ජංගම දුරකතන හා උපාංග Snap Pay වාරික සැලසුම යටතේ මිලදී ගැනීමේ අවස්ථාව Nexus විසින් උදාකර දී තිබීම ද විශේෂත්වයකි. ඒ තුළින් පහසු ගෙවීමේ විසඳුම් යටතේ කැමති උපාංගයක් මූල්‍ය පීඩාවකින් තොරව තමන් සතු කර ගැනීමට පාරිභෝගිකයින්ට හැකි වේ.

නිරන්තරයෙන් සිය පාරිභෝගිකයාගේ අවශ්‍යතාවන් සපුරාලීම වෙනුවෙන් කැපවී කටයුතු කරන Nexus Communications ජංගම දුරකතන හා උපාංග පිළිබඳ පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීමට කටයුතු කර ඇත්තේ විශිෂ්ට අලෙවියෙන් පසු සේවාවක්ද ඔවුන් වෙත ගෙන එමිනි. ඒ වෙනුවෙන් වසර 20 කට වැඩි අත්දැකීම් සහිත තාක්ෂණික ඉංජිනේරුවන්ගේ සහාය සමඟින් හැකියාවන්ගෙන් පිරිපුන් කණ්ඩායමක සේවය සැලසීමට Nexus පියවර ගෙන ඇත. සිය පාරිභෝගිකයින් වෙනුවෙන් තව දුරටත් සහයෝගය ලබා දීමේ අරමුණින් support network ශක්තිමත් කරමින් රාජගිරිය නව සේවා මධ්‍යස්ථානය නුදුරේදීම විවෘත කිරීමටද Nexus කටයුතු කරමින් සිටියි.

සන්නාමය අත්පත් කරගෙන ඇති වේගවත් වර්ධනය පිළිබඳව අදහස් දැක් වූ කරන Nexus Communications හි නිර්මාතෘ හා කළමනාකාර අධ්‍යක්ෂ රජීව් ගුණරත්න මහතා සඳහන් කර සිටියේ ” Nexus Communications ආරම්භ කිරීමේදී අපගේ අරමුණ බවට පත් වූයේ උසස් තත්වයේ නිෂ්පාදන දැරිය හැකි මිලකට පාරිභෝගිකයින් වෙත ලබා දීමයි. අපගේ මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා කදිම හවුල්කරුවකු වී සිටින Blackview සමඟින් පුළුල් පරාසයක නිෂ්පාදන පාරිභෝගිකයා වෙත ලබා දීමට හැකිවී තිබෙනවා. මේ වන විට එම සන්නාමය අත්කරගෙන ඇති සුවිසල් ජනප්‍රියත්වය නිසාම ඉදිරියේදී අපගේ නිෂ්පාදන පෙළ තව දුරටත් පුළුල් කිරීමට අපි බලාපොරොත්තු වනවා” යනුවෙනි.

මෙහිදී අදහස් දැක්වූ Blackview හි ජාත්‍යන්තර වෙළෙඳපොල විකුණුම් අධ්‍යක්ෂ මෙලින්ඩා මහත්මිය ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් මෙසේ සඳහන් කළාය.

Blackview ජංගම දුරකතන හා උපාංග ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් වෙත හඳුන්වා දීම සඳහා Nexus Communications සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම පිළිබඳ ඉතාමත් සතුටුයි. ඒ සඳහා ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින්ගෙන් සුවිසල් සහයෝගයක් හිමි වනවා. නවීන තාක්ෂණය පහසුවෙන් හා දැරිය හැකි මිලකට පාරිභෝගිකයා වෙත ලබා දීමේ අරමුණින් කටයුතු කරන අපට මෙම හවුල්කාරීත්වය තුළින් නවතම නිෂ්පාදන වෙළෙඳපොලට හඳුන්වා දෙමින් ශ්‍රී ලාංකේය පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීමට අවස්ථාව උදා වී තිබෙනවා.”

Blackview ගෙවුණු කාල සීමාව තුළ රුසියාව, ප්‍රංශය, එක්සත් ජනපදය, ජර්මනිය, ඉරාකය, ඊශ්‍රායලය, දකුණු අප්‍රිකාව ඇතුලු රටවල් 80 කට අධික ප්‍රමාණයක හා කලාප රැසක පාරිභෝගික පදනමක් සමඟින් අවම වශයෙන් 20% ක ස්ථාවර වාර්ෂික විකුණුම් වර්ධනයක් අත්පත් කර ගැනීමටද සමත්ව සිටියි.

Nexus Communications සහ Blackview හි සහයෝගීතාව හේතුවෙන් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින්ටද නව්‍ය තාක්ෂණයේ මහිමය විශ්වාසයෙන් යුතුව දැරිය හැකි මිලකට අත්විඳීමේ අවස්ථාව සැලසී තිබේ.

පාරිභෝගික ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන කර්මාන්තයේ නවමු සංධිස්ථානයන් සනිටුහන් කිරීමට සමත්ව ඇති Nexus Communications තාක්ෂණය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින්ගේ වෙනස්වන අවශ්‍යතා සපුරාලීම සඳහා නිරන්තරයෙන් නව්‍යකරණ උපාංග දැරිය හැකි මිලකට ලබා දෙමින් සුවිශේෂී සේවාවක් සලසා දීමට කැපවී කටයුතු කරයි.

Blackview පිළිබඳව සුවිශේෂී පරිසරයන්ට ගැලපෙන අයුරින් ක්‍රියාශීලී ජීවන රටාවන්ට සහාය වීම වෙනුවෙන් නිර්මාණය කර ඇති රළු භාවිතය සඳහා යොදා ගන්නා ජංගම දුරකතන සඳහා දියුණු තාක්ෂණය භාවිත කරන සන්නාමයක් ලෙස Blackview හඳුන්වා දිය හැකිය. රළු භාවිතය සඳහා යොදා ගන්නා ස්මාර්ට් ජංගම දුරකතන, සාමාන්‍ය ස්මාර්ට් ජංගම දුරකතන, රළු භාවිතය සඳහා යොදා ගන්නා ටැබ්, කුඩා පරිගණක ලැප්ටොප්, ඉයෆෝන්, ස්මාර්ට් ඔරලෝසු, ස්මාර්ට් ලොක් හා වෙනත් තාක්ෂණික උපාංග රැසක් Blackview සන්නාමය යටතේ හඳුන්වා දී ඇත.

චීනයේ වර්ග අඩි 30,000ක නවීනතම නිෂ්පාදන පහසුකමකට හිමිකම් කියන Blackview විශේෂයෙන් ගුණාත්මකභාවය හා සේවාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත. සැම නිෂ්පාදනයක්ම දැඩි පරීක්ෂණයකට යොමු කරමින් තත්ව සහතික කිරීමට භාජනය කරමින් සුවිශේෂී පරිශීලක අත්දැකීමක් ලබා දීමට Blackview කටයුතු කරයි. සිය නිෂ්පාදනයන්හි විශ්වසනීයත්වය තව තවත් ඉහළ නංවමින් ජංගම දුරකතන, ටැබ්ලට් හා ලැප්ටොප් සඳහා මාස 18 ක වගකීම් සහතිකයක් හිමි කර දීමද Blackview හි විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here