‘පේෂල එක්ක කතා කරලා බේරෙන්න අමාරුයි’ කියන එකනෙ බහුතර පිළිගැනීම.
කතාව ඇත්ත !
‘පේෂල එක්ක කතා කරන්න ඕනි මොනවද’ කියන එකත් තෝරා බේරාගන්න හරි අමාරු වැඩක්.
මොකද, පේෂල මනෝජ් කියන්නෙ ඒ තරමට විවිධ වූ ක්ෂේත්‍ර නියෝජනය කරන චරිතයක්.
විටෙක ඔහු දක්ෂ තබ්ලා වාදකයෙක්, තවත් විටෙක අතිශය ජනප්‍රිය නිවේදකයෙක්, ඒ වගේම ඔහු කථිකාචාර්‍යවරයෙක්…
ඒ විතරක් නෙවෙයි, පහුගිය කාලෙ දේශපාලනය එක්කත් ඔහුගේ නම සමීපව කියවුණා.
ඉතින්, එවන් බහුවිධ ක්ෂේත්‍ර එක්ක කතාබහට ලක්වෙන පේෂල මනෝජ් සමඟ කෙරෙන ඕනෑම කතාබහක් ‘අනිවාර්‍යයෙන්ම රසබර කතාබහක්’ විය යුතුමයි.
ගෙවුණු දවසක එවන් සොඳුරු, රසබර කතාබහකට ඔහු එකතු වුණා ‘Channel E’ එක්ක….