පළාත් පාලන මැතිවරණය සඳහා සමගි ජන බලවේග අපේක්ෂකයන් තෝරන මූලික සම්මුඛ පරීක්ෂණ අද(15) ආරම්භ වුණා.
ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන ලෙස අද සහ හෙට මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්විමට නියමිත බවයි සඳහන් වන්නේ.
අවම තරමින් ඒ ඒ දිස්ත්‍රික්කවල පාර්ලිමේන්තුව නියෝජනය කරන සමගි ජන බලවේග මන්ත්‍රිවරුන් දෙදෙනෙකු හෝ මෙම සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය සඳහා සහභාගී වන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව සමගි ජන බලවේගයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සියලුම ආසන නියෝජනය කිරීමට අවශ්‍ය අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණයක් ත්‍රිකුණාමලයේ දී අද (15) දින පැවැත්වුනා.
ඒ සඳහා මේ වන විට විශාල පිරිසක් පැමිණෙමින් සිටින අයුරු දැකගත හැකිය.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් තෝරා ගන්නා සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය කින්ස් නෙල්සන්, නියෝමාල් පෙරේරා, නීතිඥ මොහොමඩ් රිස්වාන් යනාදීන් නියෝජනය කරයි.