මේ වසරේ ගතවූ මුල් සති හය (06) තුලදී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් සිදුකල
වෙඩි තැබීම් වලින් පුද්ගලයින් නව දෙනෙකු (9) ජිවිතක්ෂයට පත්ව තිබේ.

මේ වසරේ ගතවූ කාලය තුලදී වෙඩි තැබීමේ සිද්ධීන් 13 ක් වාර්තාවී ඇති අතර වෙඩිතැබීමේ සිද්ධීන් 07 කදී
පුද්ගලයින් 09 දෙනෙකු මිය ගොස් ඇති බව පොලිස් වාර්තා සඳහන් කරයි.

මෙම අපරාධ සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලදී මේ දක්වා හෙළිවී ඇති තොරතුරු මත වෙඩික්කරුවන්,
සහයෝගය ලබාදුන් පුද්ගලයින් ඇතුළු නොයෙකුත් ආකාරයෙන් කුමන්ත්‍රණය කළ සැකකරුවන් 30 දෙනෙකු
අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසීය.

එමෙන්ම මෙම මනුෂ්‍ය ඝාතන සඳහා යොදාගත් T 56 වර්ගයේ ගිනි අවි 03 ක් , පිස්තෝල 05 ක් සහ අපරාධ
සඳහා යොදාගත් යතුරු පැදි 04 ක් පොලිසිය බාරයට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here