මන්නාරමේ ආරම්භ කිරීමට තිබූ සුළං බල ව්‍යාපෘතියෙන් ඉවත්වන බව අදානි සමාගම පසුගියදා (13) නිල වශයෙන් දන්වා තිබුණා.
මෙයට හේතු වශයෙන් ඔවුන් පෙන්වා දී තිබුණේ මේ වන විටත් ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා මතුවී ඇති ඇතැම් බාධාවන් හේතුවෙන් ඔවුන් මෙයින් ඉවත්වන බවයි.
විදුලි සැපයුම සම්බන්ධයෙන් රටේ කතාබහක් ඇති වී ඇති මොහොතක මෙම ව්‍යාපෘතිය මඟින් අපේ රටට ඇති ප්‍රයෝජන සම්බන්ධයෙන් මෙන්ම ඔවුන් ඉවත් වීම තුළින් සිදුවන පාඩු සම්බන්ධයෙන් කළ සොයා බැලීමකි මේ.

ඒ අනුව අපේ රටට සෘජු විදේශ ආයෝජනවලින් ඇමරිකානු ඩොලර් බිලියන 1 ක පාඩුවක් සහ සුළං බලශක්ති සැපයුමෙන් වාර්ෂිකව රුපියල් බිලියන 30 ක පමණ ඉතිරියක් කර ගැනීමට තිබුණු අවස්ථාව ද අහිමි විය.
ඉහළ පිරිවැයක් සහිත ඉන්ධන මත පදනම් වූ බලය විස්ථාපනය නොකිරීමෙන් වාර්ෂිකව අමෙරිකානු ඩොලර් මිලියන 270+ ක විභව විදේශ විනිමය ඉතිරි කිරීමේ අවස්ථාවක්ද අපට අහිමි වී ගියා. ඒ ව්‍යාපෘති ආයු කාලය තුළ අමෙරිකානු ඩොලර් බිලියන 6.7 කට වඩා වැඩි විදේශ විනිමය ඉතිරියක්.
ඒ වගේම ඒකකයකට රුපියල් 17 ක පමණ පාරිභෝගික තීරුබදු අඩු කිරීම සඳහා තිබූ අවස්ථාවක්ද මෙයින් මඟහැරී යාම විශේෂත්වයක්.
තවද අපේ රටේ සැලකිය යුතු බලශක්ති යටිතල පහසුකම් සංවර්ධනය සඳහා හිමිවූ ස්වර්ණමය අවස්ථාවක් අපට මෙම ව්‍යාපෘතිය අහිමි වීමෙන් මඟහැරී ගියා.
ඒ අනුව මන්නාරම සහ පූනරින් හි මෙගාවොට් 484 ක පුනර්ජනනීය බලශක්ති සුළං බලාගාර සහ පිරිසිදු, පුනර්ජනනීය බලශක්තියෙන් ගිගාවොට් පැය 1,498 ක වාර්ෂික උත්පාදනය කිරීමට තිබූ හැකියාවද අපට අහිමි විය.
එමෙන්ම මෙම ව්‍යාපෘතිය ලංකාවෙන් ඉවත්වන නිසා 220 KV සහ 400 KV සම්ප්‍රේෂණ ජාලයේ ප්‍රසාරණයටද එය සෘජුවම බලපෑමක් සිදුකරනවා. ඒ අනුව 2030 වන විට 70% පුනර්ජනනීය බලශක්තිය ලබා ගැනීමේ ශ්‍රී ලංකාවේ ඉලක්කයද පසුබෑමකට ලක්වෙනවා.
Adani Green ව්‍යාපෘතිය ඉවත් කර ගැනීම තුළින්, ශ්‍රී ලංකාවට පරිසරය රැක ගැනීමේ සුවිශේෂි අවස්ථාවක්ද අහිමි වනවා. ඒ අතර ප්‍රධාන තැනක් ගන්නේ, වාර්ෂිකව CO2 විමෝචනය ටොන් මිලියන 1.06 ක් අඩු කිරීමේ හැකියාව අහිමි වීම සහ CO2 අඩු කිරීමෙන් වසරකට ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 100 ක ආර්ථික ප්‍රතිලාභයක් අහිමි වීමයි.

පක්ෂි ආරක්ෂාව සඳහා AI මත පදනම් වූ රේඩාර් පද්ධති ඇතුළු උසස් පාරිසරික ආරක්ෂණ පියවර ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවද මේ තුළින් අපිට අහිමි වී යනවා.
සමස්ථයක් ලෙස ගත්කළ Adani Green හි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය අවලංගු කිරීම යන්නෙන් අදහස් වන්නේ ශ්‍රී ලංකාවට පුළුල් සමාජීය සහ ප්‍රජා සංවර්ධන අවස්ථා අහිමි වී යාමයි. මෙම ව්‍යපෘතිය තුළින් විභව රැකියා අවස්ථා 1,000 ක් පමණ අපට ලබාගැනීමේ හැකියාවද අහිමි වී යනු ඇති.
ව්‍යාපෘති ප්‍රදේශවල ප්‍රජා සංවර්ධන අවස්ථා අහිමි වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස දේශීය ආර්ථික උත්තේජනය සහ සංවර්ධනය අහිමි වී යාමද මෙයින් සිදුව තිබෙනවා.
ඊට අමතරව, ශ්‍රී ලංකාවේ ශුද්ධ-ශුන්‍ය ඉලක්ක පිළිබඳව වන බලාපොරොත්තුද දැන් අවිනිශ්චිතතාවයකට පත්ව තිබේ.
කාබන් විමෝචනය අඩු කිරීමට සහ වඩාත් තිරසාර බලශක්ති අනාගතයක් කරා මාරුවීමට රට දරන උත්සාහයන්ට සැලකිය යුතු උපකාරයක් අදානි ග්‍රීන් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියෙන් ලැබීමට තිබුණත් එම ව්‍යාපෘතියෙන් ඔවුන් ඉවත් වීම මඟින් එම ඉලක්කය ද දැන් ළඟාකර ගැනීමට අපහසු වී තිබේ.
මෙම අවස්ථාව අහිමි වීමත් සමඟ, පැරිස් සම්මුතිය යටතේ 2050 වන විට ශුද්ධ-ශුන්‍ය විමෝචන ඉලක්කය සපුරා ගැනීම සහ කාබන් විමෝචනය සමතුලිත කිරීම සඳහා කරන ලද කැපවීමද වඩ වඩාත් අභියෝගාත්මක වනු ඇත. එමඟින් පාරිසරික තිරසාරභාවය සඳහා රටේ කැපවීම සහ ප්‍රගතිය පිළිබඳව ලෝක ප්‍රජාවට ද යම් සැක සංකා පහළ වීම සිදුවිය හැකිය.
ඒ අයුරින් ගත්කළ අදානි ව්‍යාපෘතිය අපේ රට තුළ විශාල සංවර්ධනයක් මෙන්ම වර්ථමානයේ අප මුහුණ දී ඇති විදුලබල ප්‍රශ්නයට විසඳුමක්ද බව සියළු දෙනා පිලිගත යුතු සත්‍යයක්.
ලෝකයේ අනිත් හැම රටක්ම විකල්ප ඉන්ධන බල ශක්තිවලට හුවමාරු වන අවස්ථාවක අප මේ මඟහැර ගන්නේ රටේ අනාගතයට වටිනා ස්වර්ණමය අවස්ථාවක් බව නොරහසක්.