යාපනය. දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලංගුමාරන් ගමන් ගත් මෝටර් රථය සවගචේරි තනංගලප්පු ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබෙනවා.

කිලිනොච්චියේ සිට යාපනය දෙසට ගමන් කරමින් සිටියදී ඉදිරියෙන් ගමන් ගත් වාහනයක රථය සවගචේරිය දෙසට හැරෙමින් තිබියදී පිටුපසින් පැමිණි මන්ත්‍රීවරයාගේ මෝටර් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් මන්ත්‍රීවරයා, සහායක සහ රියදුරු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සවාගචේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here